තේරෙන සිංහලෙන් ආයෝජනය කරමු

Kasun Sanjeewa Perera
6 min readFeb 7, 2021

--

අද මම කියන්න යන්නෙ දැනගෙන ආයෝජනය කරන්නේ කොහොමද කියලා.ගොඩක් දෙනෙක් අහපු ප්‍රශ්න ටිකක් එකතු කරලා මේ ලිපිය ලියන්නේ හැමෝටම වැදගත් වෙයි කියල හිතල. සිංහලෙන් ලියන මුල්ම ලිපිය නිසා වැරදි ඇත්නම් සමාවෙන්න.

ආයෝජනය කියන්නේ මොකක්ද?

අපි හැමෝම ඉතිරිකිරීම ගැන අහල තියෙනවා උනාට අයෝජනය කියන එක ගැන වැඩි වැටහීමක් නැතුව ඇති. ඉතින් මොකක්ද මේ ආයෝජනය. ඉතිරිකරනවා කියන්නේ ඕනම වෙලාවක ක්ෂණිකව මුදල් ගන්න පුලුවන් විදියට අපේ ආදායමෙන් කොටසක් වෙන් කරලා තියන එක. ඒක ඉතිරිකිරීමේ ගිණුමක හෝ ස්ථාවර තැන්පතුවක වෙන්න පුලුවන්. හැබැයි අයෝජනය කියන්නේ ඊට වඩා පොඩ්ඩක් වෙනස්. ආයෝජනයේදි අපි කරන්නේ දුර අනාගතයේදි ඕනවෙයි කියලා හිතන අවස්ථාවක ගන්න පුලුවන් විදියට මුදල් යෙදවීමක්. ඉතින් මොනවද මේ අනාගත අවස්තා? තමන්ගෙම කියලා ගෙයක් හෝ ඉඩමක් ගන්න, ලමයින්ගේ උසස් අද්‍යාපන කටයුතු, විශ්‍රාම ගියාම ආදායමක් විදියට, තමන්ගේම ව්‍යාපාරයක් ආරම්භ කරන වගේ දේවල් වෙනුවෙන් මුදල් වෙන්කිරීම අපිට ආයෝජනය විදියට හදුනාගන්න පුලුවන්. ඉතිරිකිරීමේ සහ ආයෝජනය කිරිමේ ලොකුම වෙනස තමයි අවදානම. ඉතිරිකිරීමේ දි අවදානම ගොඩක්ම අඩුයි, ඒ නිසාම ඒකෙන් ලැබෙන ප්‍රතිලාභත් අඩුයි, හැබැයි ආයෝජනය කරද්දි අවදානම වගේම ප්‍රතිලාභත් වැඩියි. අඩු අවදානමකින් වැඩි ප්‍රතිලාභ ගන්න නම් රැල්ලට කරන්නේ නැතුව හොදට හිතලා බලලා ආයෝජනය කරන්න ඕන.

මොනවද අපිට තියෙන ආයෝජන අවස්තා

Fixed Deposits, ස්ථාවර තැන්පතු – ගොඩක් අය දන්න දෙයක් තමා මේ ස්ථාවර තැන්පතු. බැංකු සහ තවත් ගොඩාක් මූල්‍යායතන මේ පහසුකම් සපයනවා. අපිට පුලුවන් මාස 3,6 වගේම අවුරුදු 1–5 කාලයක් දක්වා තැන්පතු කරන්න. හැබැයි කල්පිරෙනකම් මේකෙ සල්ලි ගන්න බෑ. හදිසි අවශ්‍යතා වෙනුවෙන් ගන්න ඕන උනොත් අපිට ස්තාවර තැන්පත් පොලිය හම්බෙන්නෙ නෑ. සාමාන්‍ය තැන්පත් පොලිය හෝ ඊටත් අඩු ගානක් ලැබෙන්න පුලුවන්. සාමාන්‍යයෙන් මේ දවස් වල ලංකාවේ ස්ථාවර තැන්පත් පොලිය පහතින්

Insurance+Investments, රක්ෂණායෝජන තැන්පත් – බොහොමයක් රක්ෂණායතන දැන් මේවගේ ආයෝජන සහිත රක්ෂණාවරන හදුන්වා දෙනවා. සාමාන්‍යයෙන් මේවා අවුරුදු 5–35 දක්වා කාලයකින් කල්පිරෙන තැන්පතුවක් විදියට සලකන්න පුලුවන්. ලොකුම විශේෂත්වය තමයි මේ අයෝජනයේදී ඔබට රක්ෂණ ආවරණයක් හිමිවීම. හදිසියේ ඔබ මියගියොත් ඔබේ නාමිකයා ට මුලු රක්ශිත මුදලම ලැබෙනවා. ඒ කියන්නෙ ඔබ රු. මිලියනක රක්ශණයක් අරගෙන රු. ලක්ශ 2ක් ගෙවලා තිබුනත් ඔබ රක්ශිත කාලසීමාව තුල මියගියොත් සම්පූර්ණ රු. මිලියනයම ඔබේ නාමිකයාට හිමිවීම. හැබැයි මේ තැන්පතු වල මුදල් ඔබට ඕන ඕන වෙලාවට ගන්න බෑ. මුල් අවුරුදු 3 ඔබට කිසිම මුදලක් ආපසු ලැබෙන්නෙ නෑ. ඔබ ගෙවීම නතර කලත් ඔබට කිසි මුදලක් ආපසු ගන්න බෑ. අවුරුදු 3කින් පස්සෙ යම්කිසි මුදලක් ආපසු ගන්න පුලුවන් උනත් ඒකත් ඔබ ඉතිරිකරපු මුදලට වඩා ගොඩක් අඩු මුදලක්. ඒනිසා ඔබ අනිවාර්යයෙන්ම සම්පූර්න කාලසීමාවම මුදල් ගෙවීම කලොත් පමණයි ඔබට සාදාරන ප්‍රතිලාභයක් ලැබෙන්නෙ. පහතින් තියෙන්නෙ එහෙම ප්‍රතිලාභ ලැබෙන විදිය.

උදාහරණ 1
උදාහරණ 2 : ඔබට ලැබෙන්නේ Surrender Value කියන එක

Property market, — ලංකාවේ ගොඩක් දෙනෙක් පුරුදුවෙලා ඉන්නවා ආයෝජනයක් විදියට ඉඩමක්, ගෙයක් ගන්න. හැබැයි මෙහෙම කරන්න නම් එකවර ලොකු මුදලක් අතේ තියෙන්න ඕන. එහෙම නැත්නම් වෙන්නෙ ණයක් ගන්න. හැබැයි ආයෝජනයක් විදියට ඒක කරනවා නම් අවුරුද්දේ ණය පොලියට වඩා අවුරුද්දේ ඉඩමේ වටිනාකම ඉහලයාම ගොඩක් වැඩි වෙන්න ඕන. සාමාන්‍යයෙන් කොලඹ අවට ඉඩම් වටිනාකම ඉහලයාම අවුරුද්දකට 7–20%ක් වගේ. ඉතින් ආයෝජනයක් විදියට ණයක් අරන් ඉඩමක් ගන්න එක නම් සමහරවිට තේරුමක් නැති වැඩක්. හැබැයි තමන්ගෙ අතේ ඉතුරු මුදල් ගොඩක් තියෙනවා නම් මේකත් ආයෝජනයක් තමා.

Link : https://www.lankapropertyweb.com/house_prices.php

Unit Trusts, — ගොඩක් දෙනෙක් දන්නෙ නැති උනාට මේකත් ආයෝජන ක්‍රමයක්. සරලව මේක වෙන්නෙ මෙහෙමයි. පිලිගත් මූල්‍ය ආයතනයක් කිසියම් ආයෝජන පරමාර්ථයක් වෙනුවෙන් අරමුදලක් ආරම්භ කරනවා. ඒ අරමුදල කලමනාකරනය කරන්න අරමුදල් කලමනාකරුවෙකුත් ඉන්නවා. සාමාන්‍ය ආයෝජකයෙක් විදියට අපිට පුලුවන් ඒ අරමුදලට සල්ලි දාන්න (ඒකක මිලදී ගැනීමක් විදියට, ඒක හරියට කොටස් වෙලදපලේ කොටස් ගන්නවා වගේ). හැබැයි ඒ මුදල් කොහෙද කොහොමද අයෝජනය කරන්නෙ කියල තීරනය කරන්නේ අර මම කලින් කිව්ව අරමුදල් කලමනාකරු. ඉතින් මේ වගේ අරමුදල් විවිද ආකාරයෙන් තියෙන්න පුලුවන්. සමහර අරමුදල් ආයෝජනය කරන්නේ කෙටිකාලීන ප්‍රතිලාභ වෙනුවෙන්. සමහර අරමුදල් මද්‍යකාලීන සහ ස්ථාවර ආදායම් ලැබෙන අරමුදල් වල. තවත් සමහර ඒව දීර්ඝකාලීන අයෝජන වල. ඉතින් තමන්ට ගැලපෙන අරමුදල තෝරාගැනීම අපි හැමෝගෙම වගකීම. අපිට ඒ වෙනුවෙන් උපදෙස් ගන්න ගොඩක් අරමුදල් කලමනාකරනය කරන ආයතන වල ඉන්නවා relationship manager කෙනෙක්.

ගොඩක් කෙටිකාලීන unit trust වල තියෙන වාසිය තමා අපිට fixed deposit එකක වගේම ප්‍රතිලාභ ලැබීම හා fixed deposit එකක වගේ නිශ්චිත කාලයක් මුදල් ආයෝජනය කිරීම අනවශ්‍ය වීම. තව දෙයක් තමා මේ ප්‍රතිලාභ දිනපතා වෙනස්වීම. ආර්ථිකය හැසිරෙන විදිය අනුව ප්‍රතිලාභ ප්‍රතිශතය අඩුවැඩි වීමක් වෙන්න පුලුවන්. අයෝජනය කරන්නෙ කෙටිකාලීනවද දීර්ඝකාලීනව ද කියන එක තීරනය කරනවා වගේම අයෝජනය කරන්නේ මොන අරමුදලේද, ඒ අරමුදලේ පසුගිය අවුරුදුවල ප්‍රතිලාභ කොහොමද, ඒ අරමුදල රක්ෂණය කරල තියෙන්නෙ සහ භාරකාරයා විදියට ඉන්නේ මොන බැංකුවද, අරමුදලට (හෝ එය කලමනාකාරනය කරන ආයතනයට) තියෙන රේටින්ග්ස් කොහොමද කියන එකත් ගොඩක් වැදගත්. ඒ නිසා ලොකු ප්‍රතිලාභ ලැබෙනවා කියල අවදානම් ආයතනවල සල්ලි දාන්න එපා.

Link : http://utasl.lk/

Performance Report : http://utasl.lk/wp-content/uploads/2021/01/Performance-2020-121.pdf

NDB Wealth Management Performance Chart

Stock Market, කොටස් වෙළදපල – මේක ගැන නම් හැමෝම දන්නවා හැබැයි ගොඩ දෙනෙක් ආයෝජනය කරන්නේ නෑ. එහෙම නොකරන එක හේතුවක් තමයි කොටස් වෙලදපල ගැන් විස්වාසයක් නැතිකම සහ නොදැනුවත්කම. ලංකාවේ පදින්චි පුද්ගලයෙක් නම් අපිට ආයෝජනය කරන්න පුලුවන් ceylong stock exchange එකේ සහ ustocktrade හරහා ඇමෙරිකාවේ කොටස් වෙලදපලේ පමණයි. හැබැයි ඔබ ලාංකිකයෙක් උනත් වෙන රටක පදින්චි නම් ඔබට පුලුවන් EToro, interactive brokers, Robinhood, trading 212 වගේ app හරහා වෙන රටවල් විශාල ප්‍රමාණයක කොටස් වල ආයෝජනය කරන්න. ඔබ කොටස් වෙලදපලේ ආයෝජනය කරනවා නම් හොද ඉවසීමක් වගේම හොද විනයකුත් තිබීම වැදගත්.

කොහොමද අපි කොටස් වෙලදපලේ ආයෝජනය කරන්නේ.

එක විදියක් තමා ආයතන කීපයක කොටස් තෝරගෙන ඒව අඩු වටිනාකමක් තිබෙන වෙලාවක මිලදීගෙන ඉතා ඉක්මනින් වැඩිවටිනාකමක් ලැබුනම විකුනන එක. අපි මේකට කියනවා day traders කියල. උදාහරනයක් විදියට අපි හිතමු Apple Inc එකේ කොටසක මිල $130.50ක් කියලා. ඔබ කොටස් 10ක් ගන්නවා $1350ක් ආයෝජනය කරල. දවසකින් වගේ මේ කොටසක මිල $132 ක් උන ගමන් ඔබ ඒ කොටස් විකුණාදමනවා. එතකොට ඔබට $15ක ලාභයක් ලබන්න පුලුවන්. හැබැයි සැලකිලිමත් වෙන්න ඕන කාරණය තමයි මේ කරන හැම ගනුදෙනුවකටම ඔබට commission එකක් ගෙවන්න වෙනවාද කියන එක. එහෙම commission එකක් ගෙවන්න උනොත් ඔබට ලැබෙන ලාභය අඩු වෙන්න වගේම පාඩුවක් වෙන්නත් පුලුවන්. හැබැයි මේකෙදි අවදානම මදක් අඩුයි, මොකද අපි ඉතා ඉක්මනින් ගනු සහ දෙනු කරන නිසා. ඒ වගේම ප්‍රතිලාභත් අඩු වෙන්න පුලුවන්.

අනිත් විදිය තමා, හොදින් analyse කරලා තෝරාගෙන company එකක දෙකක හෝ කීපයක පමණක් කොටස් මිලදීගෙන ආයෝජනය කරන එක. මේකෙදි අපි බලාපොරොත්තු වන්නේ දීර්ඝකාලීනව කොටසක මිල වැඩිවීමෙන් අපිට ප්‍රතිලාභ ලබන්න. උදාහරනයක් විදියට Amazon වල එක කොටසක මිල 2018.02.05 මිල $1339.60, එදා ඔබ එක කොටසක් මිලදී ගත්තානම් අද එම කොටස විකිනීමෙන් ඔබට $3312.53 මුදලක් ලබාගන්න පුලුවන්. ඔබේ ලාභය අවුරුදු තුනකට 147%ක් වෙනවා. Tesla කොටසක් මිලදී ගත්ත කෙනෙක්ටත් මේ වගේම ලාභයක් ලබන්න පුලුවන්. හැබැයි හැම company එකම මේ වගේ නෑ. අනික company එකක අවුරුදු 3කින් පස්සෙ වටිනාකම අපිට අනුමාන කිරීම ඉතාම අපහසුයි.

කොටස් වෙලදපලේ ආයෝජනය කරද්දි අහන්න ලැබෙන වචන ටිකක් තමා, ETF, Short Sell, Leverage, Margin Account, Margin Call. මේ ලිපිය දිග වැඩිවෙන නිසා ඒ ගැන වෙනම ලිපියකින් කියන්නම්.

ඩොලර් ලංකාවට යවලා ඉතිරි කරන එක ලාබද

මේකත් ගොඩක් දෙනෙක් ට තියෙන ප්‍රශ්නයක්. ලංකාවේ පොලිය 7% වගේ වැඩි අගයක් නිසා සහ පිටරට වැඩ කරන ගොඩ දෙනෙක් ඉන්න රටවල්වල පොලිය 0–2% වගේ නිසා ලංකාවේ මුදල් ඉතිරිකිරීම ලාභයක් විදියට දකින්න පුලුවන්. මේක අපි ගනන් හදලම බලමු

Saving in Sri Lanka
Saving in Singapore

මේ විදියට බැලුවම නම් ඔබට තේරෙනවා ඇති ලංකාවේ ඉතිරි කරාවට වඩා රුපියල් 1767 ක් වැඩිපුර ලබාගන්න පුලුවන් එකම මුදල විදේශ රටක ඉතිරිකිරීමෙන්. මේ වාසිය ලැබෙන්නෙ exchange rate වල ඇතිවන වෙනස නිසා.

ඊලග ලිපියෙන් නැවත හමුවෙමු

--

--

Kasun Sanjeewa Perera
Kasun Sanjeewa Perera

Written by Kasun Sanjeewa Perera

Scientist to Entrepreneur, 10 years in Academics in Asia, Middle East and Europe, 6 years in Startups and continuing the journey in AI & Data Consulting.

Responses (1)