Stock market එකේ invest කරනවා නම් දැනගන්න ඕන වචන ටික
Shares/stocks/equities – කොටස් වෙලදපලේ ප්‍රමුඛම වචනය stocks. කිසියම් ආයතනයක් කොටස් වෙලදපලේ ලැයිස්තු ගත වීමේදී එම ආයතනයේ වටිනාකම කොටස් වලට වෙන් කර එම කොටස් වලින් ප්‍රතිශතයක් වෙලදපලේ ලැයිස්තුගත කරනවා. උදාහරනයක් විදියට A කියන ආයතනය රු බිලියන 1ක් වටිනවායැයි සිතමු. ඔවුන් තමන්ගේ ආයතනයේ වටිනාකම කොටස් මිලියන 100කට වෙන් කර එම කොටස් වලින් 20% ක් කොටස් වෙලදපලේ ලැයිස්තු ගත කරනවායැයි සිතමු. මේක ප්‍රතම ලැයිස්තුගත කිරීමට IPO කියලා කියන්නේ. කොහොමහරි දැන් කොටස් වෙලදපලේ A කියන සමාගමේ කොටස් මිලියන 20ක් එක කොටසක් රු. 10 බැගින් ලැයිස්තුගත වෙනවා. ඉල්ලුම සැපයුම සහ ආයතනයේ දැන් ලාභය සහ ඉදිරියේ ලැබෙන්න පුලුවන් ලාභය අනුව එක කොටසක වටිනාකම අඩු වැඩි වෙන්න පුලුවන්. අපි කොටස් වෙලදපලේ ආයෝජනය කරද්දි මේ වගේ සීමාසහිත කොටස් ප්‍රමාණයක් තමා හුවමාරු වෙන්නෙ. ඒ නිසා කොටසක වටිනාකම විකිනීම් සහ මිලදීගැනීම් මගින් තීරනය වෙනවා. සමහර කොටස් වටිනාකම් කාලයත් සමග ඉහල යන අතර සමහරක් එකම වටිනාකමක දෝලනය වෙන්න පුලුවන්. සමහර ආයතනවල කොටස් පහල යන්නත් පුලුවන්.
ඉස්සර නම් අයෝජනය කරද්දි අවම වශයෙන් එක කොටසක් මිලදීගන්න උවමනා උනත් දැන් තියෙන platform හරහා fraction shares ගන්නත් පුලුවන්. ඒ කියන්නේ එක කොටසක වටිනාකමෙන් ප්‍රතිශතයක් උනත් මිලදී ගන්න පුලුවන්. උදාහරනයක් විදියට Amazon සමාගමේ කොටසක් මිලදීගන්න අපිට USD 3200ක් උවමනායි. නමුත් හැමෝටම එහෙම මුදලක් නෑනෙ. ඒ නිසා දැන් තියෙන ගොඩක් platform වලින් ඔබට පුලුවන් USD 100ක් Amazon කොටස් වල අයෝජනය කරන්න. එහිදී ඔබට usd 100 කට අදාල ප්‍රතිශත කොටස් ප්‍රමාණය තමා ලැබෙන්නෙ.
Derivatives – සමහර වෙලාවට මේකත් නිතර අහන්න ලැබෙන වචනයක්. Derivatives කියන්නේ ආයතනයක් හෝ වෙනයම් වත්කමක් පදනම් කරගෙන ගොඩනගන instrument එකක්. Derivative එකක මිල තීරනය වන්නේ එය පදනම් වන වත්කමේ මිල වෙනස්වීම අනුවයි. ඉතින් stocks, bonds, commodities, currencies කියන්නෙත් derivatives ම තමා. ඊට අමතරව Futures, ETFs, options, forwards වගේ ඒවත් derivatives විදියට සලකනවා. ඒ මොනවද කියල පස්සේ විස්තර කරන්නම්.
ETF – Exchange Trades Funds, එහෙන නැත්නම් කෙටියෙන් ETF කියලා කියන්නෙ එක්තරා විදියක derivatives එකක්. මේකෙ තියෙන විශේෂත්වය තමයි, assets කීපයක් එකතු කරලා index එකක් විදියට කෘතිමව stock එකක් නිර්මාණය කිරීම. උදාහරනයක් විදියට S&P500, Dow Jones, SL20 වගේ indexes හදුනවන්න පුලුවන්. ඊට අමතරව දැන් ගොඩක් ආයතන මෙහෙම assets ගොඩක් එකතු කරල තවත් indexes හදනවා. TQQQ කියන්නේ එහෙම එකක්. ඒකෙ තියෙන්නෙ ඇමෙරිකාවේ තාක්ශනික ආයතන කීපයක කොටස් එකතු කරල හදපු index එකක්. Apple, Tesla, Microsoft, Amazon වගේ ආයතන වල කොටස් අනුපාත එකතුවක් තමා TQQQ කියන්නෙ. මේකෙදි වෙන්නෙ index එක හැදිල තියෙන කොටස් ඉහල පහල යද්දි TQQQ එකේ අගයත් ඉහල පහල යාමක් වෙනවා. ඉතින් මොකක් ද මේකේ තියෙන විශේෂත්වය? ඒක තමා අපිට ආයෝජනය විවිදාංගිකරනය කරන්න පුලුවන් වීම. මම කලින් කිව්ව ආයතන කීපයේම වෙන වෙනම ආයෝජනය කරන්නෙ නැතුව අපිට පුලුවන් TQQQ කියන තනි index එකේ ආයෝජනය කරන්න. එහෙම වෙද්දී සමහර ආයතනික කොටස් මිල පහල ගියත් අනික් ආයතනික කොටස් මිල ඉහල යනවා නම් අපිට අවදානම අඩු කරගන්න පුලුවන්. මේ හේතුව නිසාම මේ වගෙ ETF වලට තියෙන ඉල්ලුම වැඩිවීම නිසා ඒවායේ මිල ඉහල යන්න පුලුවන්. ඒ වගේම මේ සමහර ETF හැදිලා තියෙන ආයතනික කොටස් නිසා, අවදානම වැඩිවෙන්නත් පුලුවන්. උදාහරනයක් විදියට healthcare කොටස් වලින් විතරක් හැදුන ETF එකක exposure එක වැඩිවෙන්න පුලුවන් regulations වෙනුවෙන්. එහෙම වෙලාවක අලුත් regulation එකක් නිසා සම්පූර්ණ ETF වටිනාකමම කඩා වැටෙන්න පුලුවන්.
CFD – Contract for Future Differences, මේකත් ආයෝජනය කරද්දි අහන්න ලැබෙන වචනයක්. උදාහරනයකින් මේක පැහැදිලි කරන එක ලේසියි. අපි හිතමු brokerage platform එකකින් ඔබ ගනුදෙනු කරද්දි, Apple Share එකක මිල $ 130ක් කියලා. ඔබ මේ කොටසක CFD එකක් විදියට ආයෝජනය කරද්දි වෙන්නේ එම කොටසක් ඔබේ නමින් මිලදීගෙන තබාගන්නවා වෙනුවට brokerage ආයතනය ඔබ සමග contract එකකට එකග වීම. ඒ contract එකට කල්පිරීමේ කාලයක් වගේම අවම වටිනාකමකුත් තියෙනවා. ඉතින් Apple share එකක් වෙනුවෙන් ඔබ CFD එකකට ගියොත් ඔබට Apple කොටසක් මිලදී ගන්න ලැබෙන්නෙ නෑ. ඒ වෙනුවට ඔබට ලැබෙන්නේ brokerage ආයතනය නිකුත්කරන contract එකක්. ඔබ කල්පිරීමේ කාලයට කලින් මේ ගනුදෙනුව අවසන් කරනවා නම් (close the trade) ඒ අවස්තාවේ apple කොටසක අගය අනුව ඔබට ලාභයක් හෝ අලාභයක් ලැබෙනවා. කොටසක් මිලදී ගැනීමට වඩා මේකෙ තියෙන ලොකුම වෙනස තමා, කල්පිරීමේ දිනයේදී එදිනට අදාල කොටස්මිල අනුව ගනුදෙනුව ඉබේම පියවී ඔබට අදාල මුදල් ලැබීම. එය ලාභයක් හෝ අලාභයක් වෙන්න පුලුවන්. අනික් එක, කොටසක මිල 50% කින් අඩුවීමේදී බොහෝ CFD ස්වයංක්‍රීයව අවසන් වීම. එහෙම උනොත් ඔබට 50% ක අලාභයක් වීම වලක්වන්න බෑ.
Short sell – මේ එක් විශේෂ CFD වර්ගයක් විදියට හදුන්වන්න පුලුවන්. මේකෙදි වෙන්නෙ ආයෝජකයා කොටස් ණයට ගැනීමක්. කෙනෙක් short Sell කරනවා නම් ඔහු වෙන කෙනෙක් ට අයත් කොටස් ප්‍රමාණයක් brokerage ආයතනයෙන් ණයට ලබාගෙන ඒ වෙලාවෙම එය විකුනා මුදල් ලබා ගන්නවා. නමුත් එම කොටස් සැබෑවටම අයිති පුද්ගලයන් එම කොටස් විකුනාදමන්න යනවා නම් අර කලින් කොටස් ණයට ගත්ත ආයෝජකයාට සිද්දවෙනවා වෙලදපලේ දැනට පවතින මිලට කොටස් මිලදීගෙන එම ණය පියවීමට. ඉතින් වෙලදපලේ දැන් කොටස් වටිනාකම ණයට ගන්න අවස්තාවේ වටිනාකමට වඩා අඩුයි නම් ආයෝජකයාට ලාභයක් වගේම දැන් වටිනාකම වැඩි නම් ආයෝජකායාට අලාභයකුත් වෙනවා. ඉතින් short sell කියන්නේ ඉදිරියේදී කොටස් මිල අඩු වෙයි කියලා හිතලා කරන ආයෝජනයක්.