Stock analyst reports for dummies
අර කතාවක් තියෙනවානෙ “දැන ගියොත් කතරගම නොදැන ගියොත් අතරමග” කියල, ඉතින් stock market එකත් ඒ වගේ තමයි. දැනගෙන invest කරන්න ඕන. හැබැයි ඉතින් කොහෙන්ද කොහොමද දැනගන්නෙ කියන එක තමා ප්‍රශ්නය. අද මම කියන්නේ එහෙම තොරතුරු හොයාගන්න සහ ඒවා තේරුම් ගන්නේ කොහොමද කියන එක.
බොහොමයක් stock trading apps වල news වගේම research කියන කොටසකුත් තියෙනවා. එදිනෙදා trading වලට news වැදගත් වගේම, long term invest කරනවානම් අනිවාර්යයෙන්ම මේ research කියන කොටසත් කියවන්නම ඕන. ඉතින් මොනවද මේ analyst report, research report කියන්නේ. බොහොමයක් ආයෝජන බැංකු (උදා. JP Morgan, Bank of America) වල එක් කාර්යක් තමයි කොටස් වෙලදපලේ ලැයිස්තුගත සමාගම් පිළිබඳව සමාලෝචනයක්/පර්යේශණයක් කරල එම සමාගමේ අනාගත දියුනුව තක්සේරු කරමින් වාර්තාවක් ඉදිරිපත් කිරීම. සාමාන්‍යයෙන් මේක එක සමාගමක් වෙනුවෙන් අවුරුද්දකට 4 වතාවක් වෙන්න පුලුවන්. ඇතැම් අවස්තාවල ඊට අඩු වැඩි වෙන්නත් පුලුවන්. බොහෝ ආයෝජන සමාගම් ඔවුන්ගේ ආයෝජන කිරීමට ප්‍රතම මේ analyst reports වලට වැඩි අවදානයක් යොමු කරනවා. මෙවැනි analyst report එකක ප්‍රදාන කරුණු දෙකක් තිබෙනවා. එකක් target price, අනික් එක rating.
Target Price
Target Price කියන්නේ analyst report එක නිකුත් කරපු දවසේ පටන් අවුරුද්දකට පස්සේ එම ලැයිස්‍තුගත සමාගමේ කොටසක වටිනාකම කීයක් වෙනවාද කියන එක. උදාහරනයක් ලෙස, අද දිනයේ Apple Inc කොටසක වටිනාකම $153.50 නම් තව වසරකින් එම කොටසක වටිනාකම් $185 ලෙස Target Price දක්වා තිබෙන්න පුලුවන්. මේ පුරෝකතන හැම එකම හරියන්නේ නැති වෙන්න පුලුවන්. නමුත් බැංකු විශාල ප්‍රමාණයක් Analysts විශාල ප්‍රමාණයක් ඔවුන්ගේ පුරෝකතන ඉදිරිපත් කරද්දි අපිට දල අදහසක් ගන්න පුලුවන් ඊලග අවුරුද්ද ඇතුලත යම් සමාගමක කොටසක අගය කොපමන වෙන්න පුලුවන්ද කියලා. මම භාවිතා කරන eToro App එකේ මේ තොරතුරු ඉදිරිපත් කරන්නේ පහත ආකාරයට.
Amazon ආයතනයේ ඉදිරි වසර සදහා target price පුරෝකතනය
Apple Inc ආයතනයේ ඉදිරි වසර සදහා Target Price පුරෝකතනය
Tesla Inc ආයතනයේ ඉදිරි වසර සදහා Target Price පුරෝකතනය
ඔබට පේනවා ඇති, Amazon Inc ආයතනයේ ඉදිරි වසර සදහා පුරෝකතනය අවම වටිනාකම දැනට තිබෙන කොටසක වටිනාකමට වඩා වැඩි බව. මද්‍යන්‍ය වගේම උපරිම අගයත් දැනට තිබෙන කොටසක අගයට වඩා බොහෝසෙයින් වැඩිබව. සාමාන්‍ය අගය වන 4214.13 සැලකූවිට ඉදිරිවසරේ කොටසක අගය වැඩිවීම 20% ක ආසන්න අගයක්. මේ අගය පුරෝකතනයක් විතරයි. නමුත් ආසන්න වශයෙන් නිවැරදිතාවයක් තිබෙන්න පුලුවන්. Amazon කොටසක ආයෝජනය කරන එක බොහෝ දුරට අඩු අවදානම් වැඩි ප්‍රතිලාභ සහිත වෙන්න පුලුවන්.
අපි මේ විදියටම Apple Inc ආයතනයේ කොටසක ඉදිරි වසර සදහා පුරෝකතනය බැලුවොත් ඔබට පෙනේවි, එහි සාමාන්‍ය අගය 166.17 ක් බව. අද දිනයේ කොටසක අගය හා සැසදීමේදී මේක 7%ක වගේ වැඩිවීමක්. නමුත් අවම පුරෝකතන අගය බැලුවොත් ඒ අගය අද දිනයේ අගයට වඩා අඩු බවත් එමනිසා අවදානම වැඩි බවත් අපිට කියන්න පුලුවන්. නමුත් අවදානමේ ප්‍රමාණය තරමක් අඩුයි.
අවසාන වශයෙන් අපි Tesla Inc ආයතනය ගමු. ප්‍රස්තාරය මගින් ඔබට පේනවා Tesla ආයතනයේ කොටසක අගය ඉදිරි වසර සදහා ඉතා විශාල ලෙස විචල්‍ය වෙන්න පුලුවන් බව. සමීක්ෂකයන් 25ක නියැදියකින් මේ පරාසය ගනණය කර ඇති බවත් සාමාන්‍ය අගය අද දිනයේ කොටසක අගයටත් වඩා අඩු බවත් ඔබට පෙනේවි. ඉතින් Tesla කියන්නේ වැඩි අවදානම් සහිත ආයෝජනයක් වෙන්න පුලුවන්.
Rating
Analyst report එකක තිබෙන තවත් වැදගත් කාරනයක් තමා rating. මේ rating levels තුනක් තියෙනවා. Buy, Hold, Sell අපි බලමු මේ rating වලින් කියවෙන්නේ මොකක්ද කියලා.
Buy – rating එකක් කියන්නේ, කිසියම් ලැයිස්තුගත සමාගමක් ඉදිරි වසර කීපයේ දියුණුවක් පෙන්නුම් කරන නිසාවෙන් එහි කොටසක වටිනාකම ඉහල යාමට ඉතා හොද සම්භාවිතාවක් තිබෙනවා. එම නිසා ඔබ ආයෝජනයක් වශයෙන් මේ මොහොතේ එම ආයතනයේ කොටස් මිලදීගැනීම වඩාත් පලදායී සහ අවදානම අඩුයි.
Hold – rating එකක් නම් අදාල සමාගමේ ඉදිරි දියුණුව සැලකියයුතු මට්ටම නැති වෙන්න පුලුවන් වගේම එම ආයතනයට කිසියම් අවදානම් අවස්ථාවන්ට මුහුණ දීමට සිදුවෙනවා ඇති. එමනිසා ඔබ දැනට එම ආයතනයේ කොටස් මිලදීගෙන තිබෙනවානම් එම කොටස් ලගතබා ගන්නා ලෙසත් අලුත් කොටස් මිලදී නොගන්නා ලෙසත් උපදෙසක් වශයෙන් අපිට hold rating හදුනාගන්න පුලුවන්. නමුත් මෙම කොටස් විකිනීමෙන් ඔබට පාඩුවක් වෙන්නත් පුලුවන්. එම නිසා මේ මොහොතේ කිසිම දෙයක් නොකර ඉන්න එක තමා වඩාත් හොද.
Sell – rating එකක් කියන්නේ ආයතනයකට ලැබෙන නරකම වර්ගීකරණය. මෙම rating එකෙන් කියන්නේ ඔබට දැන් එම ආයතනයේ කොටස් අයත් නම් එම කොටස් මේ මොහොතේ විකුණා දැමීම වඩාත් ආරක්ශාකාරී අඩුම අවදානම් සහිතයි. Sell rated සමාගමක ඉදිරි වසරේ කොටසක අගය බොහෝසෙයින් අඩුවීමට සම්භාවිතාවක් තිබෙන බැවින් ඔබ තිබෙන කොටස් විකිනීමෙන්ඔබට අවදානමෙන් මිදීමට හැකියි. ඔබ short sell කරනවානම් මේ අවස්තාවෙන් ප්‍රතිලාභ ලැබීමටත් පුලුවන්
පහතින් දක්වා තිබෙන්නේ Amazon Inc, Apple Inc සහ Tesla Inc ආයතන සදහා ලැබී ඇති Ratings.
Amazon ආයතනය සදහා ratings.
Apple ආයතනය සදහා ratings
Tesla ආයතනය සදහා ratings
ඉතින් මෙවැනි analyst reports අපිට internet එකෙන් හොයාගන්න පුලුවන්. ඒ වගේම බොහොමයක් trading apps වලත් මේ පහසුකම තිබෙනවා. ඔබ ආයෝජනය (invest) කරනවා නම් අනිවාර්යයෙන්ම මෙවැනි reports සදහා අවදානය යොමුකල යුතුයි. නමුත් ඔබ trading (day trading) කරන අයෙක් නම් මෙවැනි report වල තොරතුරු වැදගත් නොවෙන්න පුලුවන්.